Pages

ඔයාගෙ ලැප් එක i3,i5,i7 කියුවට Slow නේද. Optical drive එක ගලවල ස්පීඩ් කරගමුද ?

ආයුබෝවන් හැමෝටම

ලැප් එක i7 උනත් හිටපු ගමන් Slow වෙන්න පුළුවන්. ඒකට හේතුව Processor එකවත් RAM එකවත් VGA එකවත් නෙමේ. ඔයාගේ Hard Disk එක.


මේ ටිකත් දැනගන්න.

දැන් තේරෙනව ඇතිනෙ. Hard එකේ capacity එක ගත්තම Machine එකේ අනිත් ඒව⁣ට වැඩි උනාට සාපේක්ෂව පට්ට අඩු ස්පීඩ් එකක් තියෙන්නෙ. ඒ කියන්නේ 80-160MB/s වගේ. ඉතිං Machine එක Slow කියල Processor, RAM, Graphic අප්ග්‍රේඩ් කලාට වැඩක් නෑ කියල තේරෙනව ඇති⁣නෙ.


දැන් මං කියන්නම් Machine එකෙන් උපරිම Speed එක ගන්න පුළුවන් විදිහ ගැන. මේ වැඩේට ඔයාට අවම වශයෙන් $30 ක් වගේ තමයි වියදම් කරන්න වෙන්නෙ. 😀
SOLID STATE DRIVE නොහොත් SSD . Data Transfering Speed එක 550MB/s . තද නේද.
ඔයාට Ebay එකෙන් හෝ Aliexpress එකෙන් 60GB SSD එකක් මං අර කලින් කියුව ගානට ගන්න පුළුවන්.


දැන් තියෙන්නෙ හොඳම හරිය. ඔයා මාසයක් සලකල බලන්න. දවස් කීයක් ලැපේ DVD ROM එකට DVD එකක් දාලා බලනවද ? 😂
එක දවසක් වත් නෑනෙ. ලොල්. එහෙනම් ඒ මගුලෙන් ඇති වැඩක් නෑ. ගලෝල දාමු.

ඔයාගෙ ලැප් එක Disassemble කරන විදි ඕනෙ තරම් YouTube එකේ ඇති. ඒකක් Refer කරන්න. දැන් ශේප් එකේ ලැප ගලවල DVD එක තිබ්බ තැනට ඔයා ගෙන්නපු SSD එක සෙට් කරගන්න. DVD එක සෙට් කරල තිබ්බ SATA & Power පෝට් දෙකම යොදා ගන්න පුළුවන්.

වැඩේ Done. දැං කලින් Hard eke වැදගත්
දේවල් බැකප් එකක් ගන්න. ඊලඟට SSD එකට Windows දාගන්න. Adobe වගේ ලොකු ලොකු Software's ටිකත් දාගන්න.

වෙනදට වඩා ලැප් එකට තියන ආදරේ වැඩි වෙයි දැං 😂😂❤😍

තවත් මේ වගේ තාක්ෂණික දේවල් දැනගන්න සෙට් වෙන්න අපිත් එක්ක. Follow කරන්න Email එක දාලා. ජය!

1 comment:

  1. Bro mage laga dell i3 lap ekak thiyenne dan godak slow wela mata ssd ekak ebay eken genna ganna puluwan eth hariyata set karagena wede karaganna vidiha dana ganna puluwanda

    ReplyDelete